Sunday, August 7, 2011

පාසලින් මග දකින හොඳම දරුවා මමයි

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

ආදරය කරුණාව දයා උතුරා ගලන
මා සිතෙහි ශිල්ප හා ගුණ දහම්  ඇත ‍රැඳී
ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

පරිසරය මා රකී රකිමි මම පරිසරය
ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි

නාලිනී රණසිංහ

සමරවීර වීරවන්නි
ආනන්ද ජයසිංහ
ගීතය අසා රස විඳින්න

3 comments:

  1. මේක ලියල තියෙන්න හිටපු මහ ඇමැතිවරයෙක් වන සමරවීර වීරවන්නි මහතා. සංගීතය ආනන්ද ජයසිංහ..

    ReplyDelete
  2. නියමයි මම රුවන්වැල්ල පැත්තට යන්න පාරෙ ඉන්න තොට උරාපොල ප්‍රථමික පාසලේ දාල තිබබා දවස් දෙක තුනක්ම එතනදි ඇහුනාඒ හින්දා ගුගල් එකේ සර්ච් කරේ ඒක මගෙ හිතත් නිවුනා වගේ දැනුනා

    ReplyDelete