Tuesday, August 9, 2011

සළෙල පහසින් කිළිටි වූ රෑ

සළෙල පහසින් කිළිටි වූ රෑ
යහන වැතිරුණ දුක් සුසුම්
දයාවේ නෙතු ඉමෙන් වැළහී
අම්බපාලිය මිදුණු මළ පුඩුවේ බැඳුනිදෝ
කිකිළියේ
රන් කිකිළියේ

සිනා පඬු ගෑ දෙතොල සිර කළ
ඉවුරු බිඳ හල කඳුළු මහ වැහි
ගොදුරු ලොබ බැඳ සරන මුව වැදි
මළ පුඩුව මත් නිදි වරාදෝ
නෙත පුරා රත ගෑවුණේ
කිකිළියේ
රන් කිකිළියේ

පිණිදියෙන් මුව දොවා මල්කැන්
නියත විවරණ ලබන උදයක
පර මලක්දෝ රෑ කුමාරී
මල් වැලින් බිම වැටී වැළපෙන
ජීවිතේ රොන් සුවඳ ඉහිරී
කිකිළියේ
රන් කිකිළියේ

ඉමාන් පෙරේරා
වත්තේවැවේ ධම්මානන්ද හිමි
රංජිත් සුදර්මන්

ගීතය අසා රස විඳින්න

No comments:

Post a Comment