Sunday, May 10, 2009

වසන්තයේ මල් සුපිපුණ

වසන්තයේ මල් සුපිපුණ
සුන්දරතාවය ඉහිරුණ
හද මඬලට කවුදෝ ආවා
හද දුක ගාවා කවුදෝ ආවා
මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳ බිඳ යන්ට ගියා
හද දුක ගාවා කවුදෝ ආවා

හස අංගනාවන්සේ
සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රඳවා
කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන
ඉඳුනිල් මිණි දෑස වසා
මගෙ දෝතට නෑවිත් නුඹ
කොහිදෝ බැඳුනේ

හිරු මැලවුණ හැන්දෑවේ අඳුරට ගුලි වී
මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳ කළ ඒ
අතීතයේ හීන පැලට
මා කැඳවා යන්නට නුඹ
ඇයිදෝ ආවේ

ඉමාන් පෙරේරා
තිළිණ රුවන් මලලසේකර
රංජිත් සුධර්මන් 
 ගීතය අසා රස විඳින්න
 

No comments:

Post a Comment