Saturday, May 23, 2009

බිළිඳුනේ දරුවනේ

බිළිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරෙත්
අම්මා පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී තිරී ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා

පුර හඳ පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා

ග්‍රේෂන් ආනන්ද
සෝමපාල ලීලානන්ද
සෝමපාල රත්නායක
 
 ගීතය අසා රස විඳින්න
 

No comments:

Post a Comment