Monday, May 25, 2009

බිළිඳුනේ දරුවනේ (චිත්‍රපටයේ එන මුල් ගීතය)

බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ
හිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ
රහසින් රහසින් ඔබ හැඬුවා
පුර හඳ පායන පුන් පොහොදා
බෝ මලුවේදිත් ඔබ හැඬුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ

විහඟුන් ගී දෙන යෞවනයේ
ආදර පාරමි දම් පිරුවා
ජීවන ගමනේ සෝ ගිනි නිවනා
දෙනුවන් දෙනුවන් එක් කෙරුවා
සැබෑ වු ප්‍රේමෙන් අත්වැල් බෙදා ගමු
රැකදේවි සුර සෙන් පවා
හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ

කිරි තොල් හමුවේ ඔබ දුන් ඔබ පිදු
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ බිව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි අපි පින් කෙරුවා
ඉන්නා තැනක හිඳ පුතා කියා මට
අමතන්න එන්නම් සොයා

බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ

ග්‍රේෂන් ආනන්ද
සෝමපාල ලීලානන්ද
සෝමපාල රත්නායක
(රජ දරුවෝ චිත්‍රපටය)

No comments:

Post a Comment