Saturday, May 23, 2009

රජ මැදුරක ඉපදී හිටියා නම්

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

මාලනී බුලත්සිංහල
ලූෂන් බුලත්සිංහල
එච්. එම්. ජයවර්ධන 
 ගීතය අසා රස විඳින්න
 

No comments:

Post a Comment