මද්දුම බණ්ඩාර යන නාමේ
මද්දුම බණ්ඩාර යන නාමේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා
බෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් දුක සෝකය නිවෙනවා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්ම සමග දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා
සිනා වෙලා අම්ම ළඟට ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියෙ කියා
මම අයියණ්ඩියෙ කියා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා
මරණෙට බයවී අයියා අම්ම ළඟට පැන ගියා
ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
මද්දුම බණ්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කොටන්ඩ ඒ රජිඳා අණ කළා
එහෙම හිතක් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ
පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුණේ
පුංචි පුතෙක් බිලි වුණේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා
ලක් මෑණිට නැති වුණා
සිංහලේට නැති වුණා
ලක් මෑණිට නැති වුණා
ඇන්ටන් රුද්‍රිගු
මර්වින් සේනාරත්න
?????
මෙන්න සිංදු
ReplyDelete