ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
කරුණාරත්න දිවුල්ගනේ
රඹුකන සිද්ධාර්ථ හිමි
එච්. එම්. ජයවර්ධන
ගීතය අසා රස විඳින්න
සිදුහත් කුමරුට උතුම් පුරුෂාර්ථය ඉටුකර ගැනීමට ඒ සඳහා සවිය උනේ යශෝධරාවයි . . . ඈ කල උතුම් පරිත්‍යාගයට ලැබුනු හොඳම තුටුපඬුරක් ලෙස මේ ගීය හඳුන්වන්න පුලුවන් . . .
ReplyDeleteමගේ ප්‍රියතම ගී පොකුරේ එකක්
ReplyDeleteමේක ගැන විචාරයක් ලියන්න ඉන්නේ...
/බිඟුවා...!