මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොළඟ රන්දාලා
උන් අප ආ ගිය මග වග තොට
මතක අගුළු හැර දාලා
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුණා
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගන’යුරු
මට කියා දී යන්න
උමතුව හඳ විලාප දෙන
හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න
සෙන්ටිග්‍රේඩ්ස්
?????
?????
සංගිතය: තුසිත් නිරේෂණ
ReplyDeleteපද පෙල: රවින්ද්‍ර මීගම ආරච්චි / සජිත් දිල්පහන්
*****
මම ආසම සින්දුවක් මේක. නව පරිපුරේ ඇතැම් සිංදු වලට ඇකැමති වුවත් මේ සිංදුවට කැමති පද පෙලින් හා තාලයෙන් මගේ හැඟිම් දන්වන්නාසේ දැනෙන නිසායි.
මාත් ගොඩක් කැමතියි.
ReplyDeleteස්තූතියි මතකය අළුත් කලාට...