Monday, May 25, 2009

බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව

බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
තවමත් සුරැකිව මා ළඟමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
කඳුලත් සුවඳත් තව එහෙමයි

අවසන් දවසේ අවසන් පැය තුළ
කොතරම් ලතැවුල් වින්දා දෝ
අපිට පුරුදු ඒ පුංචි කාමරේ
එතරම් සෙනෙහස තිබුණාදෝ

සමුගෙන යන දා දහසක් දේ අපෙ
දෙ සිතේ ගොළු වී හැඬුවා දෝ
ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
විතරක් මා ළඟ තනි වේ දෝ

කිංස්ලි පිරිස්
?????
????? 
 ගීතය අසා රස විඳින්න
 

5 comments:

  1. බොරු මොකටද...ඔය සින්දුවට මම ගොඩක් ආසයි.මේ පදමාලා ටික දැක්කම අතීතය පොඩ්ඩක් සිහිවුණා.Comment එකක් දාන්නමයි හිතුනේ.ස්තූතියි.

    ReplyDelete
  2. ඇත්තටම මාර ලස්සන සින්දුවක්.පරන අත් දැකීම් මතක් වෙනවා වෙනසකට තියෙන්නේ ලේන්සුව වෙනුවට තියෙන්නේ වෙන දෙයක්

    ReplyDelete
  3. මටනම් ගොඩක් දුක හිතෙන සිංදුවක් අත්දැකීමක් නැති වුනට

    ReplyDelete
  4. මේකේ විචාරය නැද්ද

    ReplyDelete
  5. මාරම ලස්සන සිංදුවක්

    ReplyDelete