Saturday, May 23, 2009

සුළං රොදක් සේ (දෙවෙන්දොරා සං)


(ගද්‍ය)

මා මේ වෘත්තාන්තය කියන්නට පටන් ගත්තේ

එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසුවය.

මේ කථනය කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත.


සුළං රොදක් සේ නොසිතූ මොහොතක

මිදොරි අවන් හල පැද්දෙන දොර අතරින්

දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා

සුළං රොදක් සේ ඔබ ආවා

දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා


(ගද්‍ය)

මා මේ කොහේද ඉන්නේ ?

සැබැවින්ම තෝකියෝවට ආවෙම් ද?

මම, මේ විශාල ලෝකයේ කාත් කවුරුත් නැති මං මුලා වූ පුද්ගලයෙක් වෙමි. මෙහි සිටින සියල්ලෝම අමුත්තෝය.

ඔවුන් හා මා අතර ඇති නෑ කම කුමක් ද?


තතමි පැදුර මත දණින් රැඳී

සියුමැලි යනගි රිකිල්ලක් සේ ඔබට නැමී

එනමුදු හඳුනා ගනු බැරි වී ජීවිතයෙන්

ජීවිතයෙන් පැන යන්නට ගිය දා

නේබුරු දොඩම් බිකක් තොල රැඳ වූ

මා සිහිවෙද කවදා


(ගද්‍ය)

ලහිලහියේ ග්‍රහණයෙන් ගිලිහී යන,

සැපතක් ලුහු බැඳ යාමේ දී මා රැස් කළ දුක්ඛ සමුදාය,

විෂ ඝොර සැපින්නක මෙන් හිස ඔසවා මා දෙස බැලීය.

ඒ දුක්‍ඛ සමුදාය මගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.


ඉක්මනින්ම යළි ඒ නම්

මළවුන්ගේ අවුරුදු දා

මළගිය ඇත්තන් කැටුවම මා එහි යනවා

තමබොචි සොහොන් බිමේ දී

සොබකි මලක් අත රඳවා

මළවුන්ගේ අවුරුදු දා

යළි හමු වේවා සයොනරා


(ගද්‍ය)

ජීවිතය, වියා හමාර කල නොහැකිව,

එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරු වලින් හැඩි වූ,

මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය.

මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.

මා අවට වූ සත්‍යය මා වැළඳ ගතහොත්,

මීට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?


අජන්තා වෙලගෙදර, සරත් විජේසූරිය (ගද්‍ය පාඨ)

ස්වර්ණ ගුණවර්ධන

ප්‍රියන්ත ඩිරෙක්ස්

(පෙම් කවක් සංයුක්ත තැටිය)

5 comments:

  1. සටහනට ස්තුතියි.මේ ගීතය මම අහල නැහැ.සිංදුව අහන්න/හොයාගන්න පුලුවන් තැනක් සදහන් කරන්න පුලුවන්ද?
    සිත් ගන්නා සුලු පද මාලාවක්.සරච්චන්ද්‍රගේ මේ නවකතා දෙකට ලැබිය යුතු ඇගයීම ලැබුනේ නැහැ කියන එකයි මගේ හැගීම

    ReplyDelete
    Replies
    1. https://youtu.be/bG8z6hkVmoA?list=PLhO_BVa3pE_xvH7VDMlcPXCpSrjXOVAHi

      Delete
  2. නවින්දුMay 25, 2009 at 1:17 AM

    මේ ගීතය තියෙන්නේ "පෙම් කවක්" කියන සංයුක්ත තැටියේ. මම දන්න තරමට තවම මේක වෙළඳ පොලේ මිළදී ගන්නට නැහැ. 0112691992 න් සිටි එෆ්. එම්. එකට කතා කරල මේ ගීතය ලියපු ස්වර්ණ ගුණවර්ධන මහතාගෙන් තොරතුරක් දැන ගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  3. මමත් මෙක අහලා නැහැ. ඉස්මත්තට ගෙනත් අපට රසහව් මතුකර පෑම අගය කරමි.

    සොයා යන්නට පෙළඹවීම ද අගය කළ යුත්තේමය.

    ReplyDelete
  4. https://youtu.be/bG8z6hkVmoA?list=PLhO_BVa3pE_xvH7VDMlcPXCpSrjXOVAHi

    ReplyDelete