Monday, May 18, 2009

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ

දයාරත්න රණතුංග
සිරිසමන් විජේතුංග
දයාරත්න රණතුංග 
 ගීතය අසා රස විඳින්න
 

1 comment: