Sunday, May 31, 2009

දෙවැනි බුදුන් ලෙස

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

සුනිල් එදිරිසිංහ
සුනිල් ආරියරත්න
රෝහණ වීරසිංහ 

 ගීතය අසා රස විඳින්න 
 

1 comment:

  1. අද කාලෙ ගොං සින්දු වලට වඩා කොච්ච‍ර ලස්සනද මේක..ඔබතුමාගෙ මේ වැඩේ නම් නියමයි..

    ReplyDelete