Sunday, May 24, 2009

බිනර මලී එක්ක එන්න

රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්

බිනර මලී එක්ක එන්න .....

ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

බිනර මලී එක්ක එන්න .....

පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

බිනර මලී එක්ක එන්න .....

ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

බිනර මලී එක්ක එන්න .....

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

බිනර මලී එක්ක එන්න .....

රෝහිත විජේසූරිය
?????
සෝමදාස ඇල්විටිගල 
ගීතය අසා රස විඳින්න 
 

3 comments:

  1. Great work !!! Like to find an MP3 of the song.

    ReplyDelete
  2. මම ගොඩක් ආස සිංදුවක් මෙක මොකද කිවුවොත් මගේ පලමු ආදරවන්තියගගේ නමත් 'බිනාරා'

    ReplyDelete
  3. මෙන්න MP3 Link (අනුග්‍රහය Elakiri.com)
    http://www.mediafire.com/?m1gkwzqhjij

    ReplyDelete