Monday, May 18, 2009

සිංහල ජය ගීත හඬට

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

අතුල සෝමසිරි
?????
?????
 
 ගීතය අසා රස විඳින්න
 

2 comments:

  1. එළ !!!

    මෙන්න සිංදුව...
    http://dl.gnslk.com/mp3/misc/Sinhala%20Jaya%20Geetha%20Handata.mp3

    ReplyDelete
  2. මම දන්න විදියට මෙහි පද රචනය සිරිසේන මුදියන්නෑගම මහත්මයගේ.

    ReplyDelete