Saturday, June 6, 2009

අර සඳ පළුවෙන්

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

තුරු හිස සිඹ සිඹ වැද මද නළ
මුමුණන විට ගී සවනට
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සවනට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි සිත

අග හිඟ මාලය ගෙල ලා ගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ

සේනානායක වෙරලියද්ද
නන්දා උඩවත්ත
ජානක ෆොන්සේකා
 
 ගීතය අසා රස විඳින්න
 

1 comment:

  1. මේ සින්දුව කලින් අහලා තිබුනත් මේ තරම් සමීප බව දැනුනෙ අද. ඩවුන්ලොඩ් කරල අයෙත් ඇහුව.

    ReplyDelete