Saturday, June 6, 2009

නොනිදා ඉන්න එපා දේවී

නොනිදා ඉන්න එපා දේවී
මට එන්න වේද දේවී
මමත් නොවේ දෙවිත් නොවේ කවුරු නම් දනීවී
නොනිදා ඉන්න එපා දේවී

හිස මුදුනේ හිරු ගිනිගෙන
කළු යකඩ පවා වැගිරෙන
උණුසුමෙන් උණු නොවී
සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී
නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී

හිරු සඳු සේ දරු රැක ගෙන
පැණි රස සේ දුක් විඳ ගෙන
හිනැහියන් පෙම්බරී
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී
කටු ඇනී රිදුම් දෙන හදවත සමග නවතිමී

ජානක වික්‍රමසිංහ
යසනාත් ධම්මික බණ්ඩාර
නවරත්න ගමගේ

 ගීතය අසා රස විඳින්න 
 

2 comments:

  1. මමත් ආසම සිංදුවක්.!

    ReplyDelete
  2. යසනාත් සහෝදරයගෙ කිඳුරු ගීතය ගීත එකතුවේ ගීයක්...පුදුම හැඟීමක් දැනෙනව හිතට..!

    ReplyDelete