Sunday, June 7, 2009

දෙවැට අයිනේ

දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

සියුමැලී මල් පෙතී
පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනේ කියා
සුවඳ මල් නො අසතී

බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙලන්නේ බටනලා හදන්නයි
හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නලා වයන්නයි
බට නලාවේ ඒ ඇසෙන්නේ ආදරේ කතාවයි

බටගහේ සිදුරකින්
හදවතේ සුසුමකින්
ගැයෙන ගී රාවයෙන්
මියුරු වී අප සවන්

භද්‍රජි මහින්ද ජයතිලක, සමිතා මුදුන්කොටුව
භද්‍රජි මහින්ද ජයතිලක
භද්‍රජි මහින්ද ජයතිලක 

 ගීතය අසා රස විඳින්න
  

1 comment:

  1. සිංදුව බා ගන්න ලින්ක් එකක් දෙන්න බැරි ද

    ReplyDelete