Sunday, June 21, 2009

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

රෝහණ වීරසිංහ
ලූෂන් බුලත්සිංහල
පුණ්‍යසිරි මහවත්ත  

ගීතය අසා රස විඳින්න 

7 comments:

  1. එබී බලා රිය කවුලු දොරෙන්
    යට ගිය දවසේ
    දෑස ගියා ඉගිලී

    ReplyDelete
  2. ඔබ හරි. නිවැරැදි කළා. ස්තුතියි.

    ReplyDelete
  3. මං හුඟක් ආස කරන සිංදුවක්..හුඟාක් ලයාන්විතයි.නිස්කලංක වෙලාවක අහන්න නම් මරු සිංදුව....

    ReplyDelete
  4. මම කැමතිම සිංදුවක් පුළුවන් නම් සිංදු වල අරුතත් පැහිදිලි කරන්න

    ReplyDelete
  5. Why dont u try to add a link to download songs?

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/hipopkumaraya/posts/399794476821989?comment_id=2117057&offset=0&total_comments=1&ref=notif&notif_t=feed_comment

      Delete