Saturday, June 6, 2009

මගෙ බිසව්නේ අසාපන්

මගෙ බිසව්නේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප බවනේ

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්

මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්න කුලී නිවසේ
විෂ ඝෝර සර්ප බවනේ
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිම වතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මගෙ බිසව්නේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

ගුණදාස කපුගේ
රත්න ශ්‍රී විජේසිංහ
ගුණදාස කපුගේ
 
 ගීතය අසා රස විඳින්න
 

4 comments:

  1. මන්ත්‍රි‍ දේවි නෙවෙයි මන්ද්‍රි දේවි විය යුතුයි නේද?

    ReplyDelete
  2. මටත් හිතුනා මන්ද්‍රි දේවි විය යුතුයි කියලා. ඒත් කපුගේ මහත්මයා ගායනා කරන්නේ මන්ත්‍රි දේවි කියලා.

    ReplyDelete
  3. mantri deyiya thamai hari. Me kiyanne asadarana maruwak karapu manthri waraya ha ohuge birida sambandawai.

    ReplyDelete
  4. බොහෝ විට මන්ද්‍රි දේවිය විය යුතුයි.(වෙස්සන්තර ජාතක කථව සලකන්න.)

    මම අහලා තියන්න විදිහට අසාධාරණ මාරුවීමක් ලැබුණු ගුරුවරයකු, එකී දුශ්කර පළාතට තමා සමග පැමිණීමට අවසර ඉල්ලන තම බිරිදට කරන ප්‍රකාශයේ කාව්‍යමය හැඩතලයයි.

    රත්න ශ්‍රී යන්ගේ අපූර්ව ප්‍රතිභාව විද්‍යමාන කරන ගීතයක්.

    ReplyDelete