Sunday, July 12, 2009

සොඳුර නුඹ ලිහිණියක

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක

ගුණදාස කපුගේ
රත්න ශ්‍රී විජේසිංහ
ගුණදාස කපුගේ

 ගීතය අසා රස විඳින්න

1 comment:

  1. ඉතාම මනරම් ගීතයක්, කපුගේ සහ රත්න ශ්‍රී එකතුවේ තවත් සුන්දර තනුවක් සමගින් අර්ථවත් පද වැලකින් සැරසුණ ගීයක්.

    ReplyDelete