Friday, July 24, 2009

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

චන්ද්‍රලේඛා පෙරේරා
සුනිල් ආරියරත්න
රෝහණ වීරසිංහ
(රේඛා ටෙලි නාට්‍යය)

ගීතය අසා රස විඳින්න

3 comments:

  1. මම ආසම සින්දුවක්. පුලුවන් නම් ඕකේ එම් පී ත්‍රී එක එවන්න

    ReplyDelete
  2. හරිම ලස්සන සිංදුවක් . . රේඛා ටෙලි නාට්‍යය මතක් උනා . . .

    @ chamara jayakody !http://www.infolanka.com/miyuru_gee/art/chandralekha.html එකේ මේ සිංදුව අහන්න පුලුවන් . . .

    ReplyDelete
  3. මේ සින්දුවේ තේරුම එවන්න පුළුවන් නම්

    ReplyDelete