Friday, July 31, 2009

සැළලිහිණි කොවුල් හඬ

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා

කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සී. ටී. ප්‍රනාන්දු, ලතා වල්පොල
සරත් විමලවීර
සී. ටී. ප්‍රනාන්දු

 ගීතය අසා රස විඳින්න

5 comments:

  1. මා ආසම සින්දුවක් මේක!

    ReplyDelete
  2. මේ post එකට අවුරුදු හතරක් ගෙවී ගිය වෙලාවෙ හරි මේක බලන කෙනෙකුට කියන්න වැදගත් කාරණයක් තියෙනවා. එනම් අපි අන්තර්ජාලයේ කරණ පළකිරීම් හී නිවැරදිතාව ගැන සැලකිලිමත් විය යුතුය යන්නයි. අත් වැරැද්දකින් ඇතුළත් වන සාවද්‍ය තොරතුරක් පසු කලෙක අවුල් ඇතිකරන්නට හේතුවේ. සිංහල ගීය සම්බන්ධයෙන් එවැනි අවුල් රැසක් ඇතිවී තිබේ. පලකිරීම් වල වැරදි නිසා හටගන්නා අවුල් බොහොමයකට හේතුව නම් පළකිරීම් සම්බන්ධයෙන් අප ආචාර ධර්ම වල නොපිහිටා කටයුතු කිරීමත්, වගකීමෙන් තොරව කටයුතු කිරීමත්ය.
    දැන් මෙහි පද රචකයා ලෙස සිරිසේන විමලවීර යැයි සඳහන්ව ඇත්තේ වැරදීමකින් වන්නට හැක. වගකීමෙන් කටයුතු කළා නම් ඒ වැරැද්ද සිද්ධ වන්නේ නැත. මෙය සරත් විමලවීර (ආනන්ද සරත් විමලවීර) ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete
  3. මේ post එකට අවුරුදු හතරක් ගෙවී ගිය වෙලාවෙ හරි මේක බලන කෙනෙකුට කියන්න වැදගත් කාරණයක් තියෙනවා. එනම් අපි අන්තර්ජාලයේ කරණ පළකිරීම් හී නිවැරදිතාව ගැන සැලකිලිමත් විය යුතුය යන්නයි. අත් වැරැද්දකින් ඇතුළත් වන සාවද්‍ය තොරතුරක් පසු කලෙක අවුල් ඇතිකරන්නට හේතුවේ. සිංහල ගීය සම්බන්ධයෙන් එවැනි අවුල් රැසක් ඇතිවී තිබේ. පලකිරීම් වල වැරදි නිසා හටගන්නා අවුල් බොහොමයකට හේතුව පළකිරීම් සම්බන්ධයෙන් අප ආචාර ධර්ම වල පිහිටා කටයුතු කිරීමත් වගකීමෙන් තොරව කටයුතු කිරීමත්ය.
    දැන් මෙහි පද රචකයා ලෙස සිරිසේන විමලවීර යැයි සඳහන්ව ඇත්තේ වැරදීමකින් වන්නට හැක. වගකීමෙන් කටයුතු කළා නම් ඒ වැරැද්ද සිද්ධ වන්නේ නැත. මෙය සරත් විමලවීර (ආනන්ද සරත් විමලවීර) ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete