Thursday, July 30, 2009

ආදර හැඟුම්

ආදර හැඟුම්
ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම්
ආදර හැඟුම්

කිති කවයි හද කිතිකවයි
ඒ හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අදුරේ සැලෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගණඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නො ඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

අමරදේව
දයානන්ද ගුණවර්ධන
?????
(බක්මහ දීගේ චිත්‍රපටය)

 ගීතය අසා රස විඳින්න

2 comments:

  1. මේ ගීතය මමත් බොහොම කැමති එකක්..
    අහන්න මෙන්න ලින්ක් එකක්
    http://www.esnips.com/doc/a5600552-dd07-49cd-8ad4-c2aa315f51f0/Aadara-Hangum---Amaradeva

    ඔබේ උත්සාහය ඉතා අගය කරමි :)
    දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  2. සංගීත නිර්මාණය: සෝමදාස ඇල්විටිගල

    ReplyDelete