Monday, May 25, 2009

පුර හඳ ළඟින්ම

පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා

මංගලිකා තෙන්නකෝන්
දේවිකා ජයසුන්දර
?????
 

 ගීතය අසා රසවිඳින්න 
 

3 comments:

  1. මම ආසම කරන සින්දුවක් මාර සංවේදියි.

    ReplyDelete
  2. හිතවත් නවින්දු,
    අන්තර්ජාලය තුළ ඔබේ වෑයම අපි ඉතාමත් අගය කරමු. ඒ සමගම කීමට ද යමක් ඇත. ඔබ මේ සම්බන්ධයෙන් මදක් සිතා බලන්න. සමහර දින වන ඔබ විසින් එක් වරම පොස්ට් 4ක්, 5ක් හෝ 6ක් (සමහරවිට ඊටත් වඩා) බ්ලොග් අවකාශයට එක් කරනු දකින්න පුළුවන්. අපගේ හැඟීම නම් එමගින් අනෙක් බ්ලොග් කරුවන්ට අසාධාරණයක් වන බවයි. මන්ද යත් ෆයර්ෆොක්ස් වල නවතම ශීර්ෂක වලට දිනපතා එක් කරන බ්ලොග් වලින් වැඩි සංඛ්‍යාවක් එවිට විස්ථාපනය වී යන බැවින්. එම නිසා අප යෝජනා කරන්නේ දිනකට පෝස්ට් උපරිම වශ‍යෙන් 2 ක් එක් කරන ලෙසයි. කරුණාකර මේ පිළිබඳව නැවතත් සිතා බලන්න. ස්තූතියි

    ReplyDelete
  3. නවින්දුMay 30, 2009 at 10:14 PM

    single වෙත,

    ඔබ ඉදිරිපත් කරන අදහසට මම එකහෙලාම එකඟ වෙමි. මෙහි දී කිව යුතු කරුණ වන්නේ මම අන්තර් ජාලය හා සම්බන්ධ වන්නේ සති අන්තයේ නිවසට පැමිණි පසුවයි. මේ නිසා එක දිනක වැඩි ලිපි සංඛ්‍යාවක් එක් කිරීමට සිතුවෙමි. මා රාජකාරි කරන ප්‍රදේශයේ අන්තර් ජාලයට සම්බන්ධ වීම කෙසේ වෙතත් දුරකතන සම්බන්ධතාවයක් පවත්වා ගන්නේත් ඉතා අපහසුවෙනි. ඔබ කී අදහසට ගරු කර එක වරකට ලිපි 2 ක් හෝ 3 ක් පමණක් එකතු කරමි. ස්තුතියි.

    ReplyDelete