Friday, July 31, 2009

කුඩා ගමේ මද්දහනේ

කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා
හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

සුනිල් එදිරිසිංහ
ධර්මසිරි ගමගේ
?????

 ගීතය අසා රස විඳින්න

3 comments:

  1. මේ ගීතයේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ. මමත් කැමතිම ගීතයක්.

    ReplyDelete
  2. කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා

    ReplyDelete
  3. ආල වඩන යන තේරුම බෝසත් කම සකී

    ReplyDelete