Tuesday, August 18, 2009

රෑ වැඩ මුරය

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැසිම ද හිත ද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුළැලි ද සයුරේ රළ නගන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

සුනිල් එදිරිසිංහ
බන්ධුල නානායක්කාරවසම්
රෝහණ වීරසිංහ

 ගීතය අසා රස විඳින්න

1 comment:

  1. "ගිං ගඟ නිම්නයේ සිංහරාජ වනාන්තරය මායිමේ ඇති දුෂ්කර නමුත් අතිශයින් සුන්දර ලංකාගම"
    ලස්සන තෑනක් වගේ,
    සිංදුවත් ලස්සනයි.
    වෑඩෙත් ලස්සනයි.
    අහන්න විදිහක් නෑති එක තමා, දුක.

    ReplyDelete