Saturday, August 22, 2009

බෝ මළුවේ මල් සුවඳක පැටලී

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැණින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැණිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

සනත් නන්දසිරි
ප්‍රණීත් අභයසුන්දර
සනත් නන්දසිරි

ගීතය අසා රස විඳින්න

2 comments:

  1. මගේ ප්‍රියතම ගී පොකුරේ එකක්

    /බිඟුවා...!

    ReplyDelete
  2. රවීන්ද්‍ර මල්ලි, මේක ලිව්වෙ ප්‍රියානන්ද විජෙසුන්දර.. මේකත් අහන්නකො..

    http://www.facebook.com/photo.php?v=2714006099321&set=vb.1531985633&type=3&permPage=1

    ReplyDelete